• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පීලි මාරු කරන යකඩ රු. 2400කට විකුණූ කුඩු ලෝලියා රිමාන්ඩ්

18 May 2026
in දේශීය, පුවත්
පීලි මාරු කරන යකඩ  රු. 2400කට විකුණූ  කුඩු ලෝලියා රිමාන්ඩ්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ මන්දගාමී දුම්රිය ඉකුත් 16 වැනිදා අලුයම 5.20ට පමණ වනවාසල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්වීමේ සිද්ධියට හේතුව මත්කුඩු ලෝලියෙකු විසින් දුම්රිය මාර්ගයේ පීලි මාරු කරන කොටසේ තිබූ යකඩ ලීවර් ගලවා සොරකම් කිරීම බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. සැකකරු සහ සොරකම් කරන ලද යකඩ මිලදී ගත් පුද්ගලයා ඊයේ (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පෑලියගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වනවාසල, ජම්බුවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. ඔහු විසින් අලුයම් කාලයේදී ගලවන ලද යකඩ ලීවර් දෙක වත්තල පිහිටි පරණ යකඩ බඩු ගන්නා ස්ථානයකට රුපියල් 2,400කට වැනි සුළු මුදලකට අලෙවි කර, එම මුදලින් මත්කුඩු මිලදී ගෙන තිබූ බව පොලිසිය පවසයි. ලීවර් ගලවා තිබීම හේතුවෙන් දුම්රිය ධාවනයේදී ඇති වූ දෙදිරීමත් සමඟ පීලි මාරුවක් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් දුම්රිය එන්ජිම ප්‍රධාන මාර්ගයේත් පසුපස මැදිරි අරුවක්කාලු කසළ ව්‍යාපෘතිය සඳහා ඉදිකර ඇති අනු මාර්ගයටත් ඇදී යාමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය වනවාසල ස්ථානයෙන් ගමන් ආරම්භ කළා පමණක් බැවින් එහි වේගය පැයට කිලෝමීටර් 10-15ත් අතර පැවතීම නිසා ජීවිත හානි කිසිවක් සිදු නොවීය.
කෙසේ වෙතත්, මෙම අනතුර සිදුවීමට පැයකට පමණ පෙර පැයට කිලෝමීටර් 60-70ක වේගයෙන් ධාවනය වූ ත්‍රිකුණාමලය – කොළඹ සහ කන්කසන්තුරේ – මොරටුව ශීඝ්‍රගාමී දුම්රිය දෙකක් ද මෙම ස්ථානය පසුකර ගොස් ඇත්තේ ලීවර් ගලවා තිබූ පසුබිමකය. එම ශීඝ්‍රගාමී දුම්රියක් අනතුරට ලක්වූයේ නම් ලංකා ඉතිහාසයේ බිහිසුණුම දුම්රිය අනතුරක් ලෙස සැලකෙන ‘යත්තල්ගොඩ’ අනතුර වැනි මහා විපතක් සිදුවීමට ඉඩ තිබූ බව විමර්ශන නිලධාරීහු පෙන්වා දෙති. මෙම අනතුර හේතුවෙන් දුම්රිය සංඥා පද්ධතියට පමණක් රුපියල් ලක්ෂ 20ක (මිලියන 2ක) අතිවිශාල අලාභයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Post Views: 0
Previous Post

රුපියල් මිලියන 50ක අතිනවීන ප්ලාස්මා හුවමාරු යන්ත්‍ර 2ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කෙරේ

Next Post

ඉදිරි මාස 3ට බිලියන 57ක ඉන්ධන සහනයක් ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය ළඟදීම ඉවතට

Editor TTV News

Editor TTV News

Next Post
ඉදිරි මාස 3ට  බිලියන 57ක ඉන්ධන සහනයක් ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය  ළඟදීම ඉවතට

ඉදිරි මාස 3ට බිලියන 57ක ඉන්ධන සහනයක් ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය ළඟදීම ඉවතට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්වීඩනයට ගිය මෝදිට  උණුසුම් පිළිගැනීමක්

ස්වීඩනයට ගිය මෝදිට උණුසුම් පිළිගැනීමක්

18 May 2026
ඉරානයට දුන් කාලය අවසන් වෙයි:

ඉරානයට දුන් කාලය අවසන් වෙයි:

18 May 2026
රන් බඩු බේරාගැනීමට මූල්‍යායතනයකින්  කෝටි 2.5ක ණය මුදලක් ගෙන  රන් බඩුත් සමඟ පලාගිය කාන්තාව  ලබන 26 දක්වා රිමාන්ඩ්

රන් බඩු බේරාගැනීමට මූල්‍යායතනයකින් කෝටි 2.5ක ණය මුදලක් ගෙන රන් බඩුත් සමඟ පලාගිය කාන්තාව ලබන 26 දක්වා රිමාන්ඩ්

18 May 2026
මොනරාගල දිට්වා ආපදා වන්දි අක්‍රමිකතා චෝදනාව:

මොනරාගල දිට්වා ආපදා වන්දි අක්‍රමිකතා චෝදනාව:

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවයේ වෘත්තීය අභිමානය සහ  ස්වාධීනත්වය තහවුරු කිරීමට කැපවෙනවා:

රාජ්‍ය සේවයේ වෘත්තීය අභිමානය සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට කැපවෙනවා:

18 May 2026
රාත්‍රී කාලයේ මාර්ග හරහා කම්බි ඇද  යතුරුපැදිකරුවන් කොල්ලකෑ  පුද්ගලයන් දෙදෙනෙකු පාදුක්කේදී  ගම්වාසීන්ගෙන් කොටු වෙයි

රාත්‍රී කාලයේ මාර්ග හරහා කම්බි ඇද යතුරුපැදිකරුවන් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනෙකු පාදුක්කේදී ගම්වාසීන්ගෙන් කොටු වෙයි

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved