• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි මාස 3ට බිලියන 57ක ඉන්ධන සහනයක් ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය ළඟදීම ඉවතට

18 May 2026
in දේශීය, පුවත්
ඉදිරි මාස 3ට  බිලියන 57ක ඉන්ධන සහනයක් ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය  ළඟදීම ඉවතට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතුණද, ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඉදිරි මාස තුන සඳහා රුපියල් බිලියන 57ක දැවැන්ත ඉන්ධන සහනයක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ තොග පර්යන්ත සමාගමේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි. මෙම සහන වැඩපිළිවෙළ යටතේ ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් ජනතාවට හිමි වේ.
පවතින තත්ත්වය අනුව ඩීසල් ලීටරයක් ගෙන්වා බෙදා හැරීමට රුපියල් 750ක පමණ පිරිවැයක් දැරීමට සිදු වුවද, වර්තමානයේ එය රුපියල් 392කට අලෙවි කරන බැවින් ලීටරයකින් රුපියල් 358ක පාඩුවක් සංස්ථාවට සිදුවන බව සභාපතිවරයා පෙන්වා දෙයි. පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්ධන වෙනුවෙන් ඩොලර් මිලියන 522ක් වැය වී ඇති අතර, මැයි මාසයේදී එය ඩොලර් මිලියන 324ක් දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබේ. ඉන්ධන සඳහා වැයවන විදේශ විනිමය ඩොලරයේ අගයට සෘජුවම බලපාන බැවින්, ඩොලරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉන්ධන පරිභෝජනය හැකිතාක් සීමා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, පිරිපහදු කටයුතු අඛණ්ඩව සිදුවන බැවින් එළඹෙන අගෝස්තු මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග සුරක්ෂිත කර ඇති අතර, හදිසි තත්ත්වයක් මතු නොවන්නේ නම් වසරේ ඉදිරි කාලය පුරාම අඛණ්ඩව ඉන්ධන සැපයිය හැකි බව ද ඔහු සහතික කළේය.
ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ ඉන්ධන බෙදා හැරීමේදී දැනට පවතින ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ළඟදීම ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවයි. නමුත්, QR කේත ක්‍රමය (QR System) තවදුරටත් දිගටම පවත්වාගෙන යන අතර, එය මුදල් භාවිතයෙන් තොර (Cashless) ඔන්ලයින් (Online) ගෙවීම් පද්ධතියක් දක්වා නවීකරණය කිරීමට සැලසුම් කර ඇත. මෙමඟින් ගොවීන්ට සහ ධීවරයන්ට අවශ්‍ය භූමිතෙල් සහ ඩීසල් සඳහා සෘජුවම සහන ලබා දීමට නියමිතය. විදුලි උත්පාදනය සඳහා දිනකට ඩීසල් ටොන් 1,000ක් පමණ වැය කරමින් අඛණ්ඩ විදුලි සැපයුමක් තහවුරු කර ඇති බව පැවසූ සභාපතිවරයා, රාත්‍රී කාලයේ විදුලි පරිභෝජනය සීමා කරන ලෙස ඉල්ලමින්, එළඹෙන වෙසක් සතිය වෙනුවෙන් පාරිභෝගිකයන්ට විදුලි බිල ආශ්‍රිත යම් සහනයක් ලබා දීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 1
Previous Post

පීලි මාරු කරන යකඩ රු. 2400කට විකුණූ කුඩු ලෝලියා රිමාන්ඩ්

Next Post

IMF 5 සහ 6 වැනි සමාලෝචන එළඹෙන 27 වැනිදා

Editor TTV News

Editor TTV News

Next Post
IMF 5 සහ 6 වැනි  සමාලෝචන  එළඹෙන 27 වැනිදා

IMF 5 සහ 6 වැනි සමාලෝචන එළඹෙන 27 වැනිදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්වීඩනයට ගිය මෝදිට  උණුසුම් පිළිගැනීමක්

ස්වීඩනයට ගිය මෝදිට උණුසුම් පිළිගැනීමක්

18 May 2026
ඉරානයට දුන් කාලය අවසන් වෙයි:

ඉරානයට දුන් කාලය අවසන් වෙයි:

18 May 2026
රන් බඩු බේරාගැනීමට මූල්‍යායතනයකින්  කෝටි 2.5ක ණය මුදලක් ගෙන  රන් බඩුත් සමඟ පලාගිය කාන්තාව  ලබන 26 දක්වා රිමාන්ඩ්

රන් බඩු බේරාගැනීමට මූල්‍යායතනයකින් කෝටි 2.5ක ණය මුදලක් ගෙන රන් බඩුත් සමඟ පලාගිය කාන්තාව ලබන 26 දක්වා රිමාන්ඩ්

18 May 2026
මොනරාගල දිට්වා ආපදා වන්දි අක්‍රමිකතා චෝදනාව:

මොනරාගල දිට්වා ආපදා වන්දි අක්‍රමිකතා චෝදනාව:

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවයේ වෘත්තීය අභිමානය සහ  ස්වාධීනත්වය තහවුරු කිරීමට කැපවෙනවා:

රාජ්‍ය සේවයේ වෘත්තීය අභිමානය සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට කැපවෙනවා:

18 May 2026
රාත්‍රී කාලයේ මාර්ග හරහා කම්බි ඇද  යතුරුපැදිකරුවන් කොල්ලකෑ  පුද්ගලයන් දෙදෙනෙකු පාදුක්කේදී  ගම්වාසීන්ගෙන් කොටු වෙයි

රාත්‍රී කාලයේ මාර්ග හරහා කම්බි ඇද යතුරුපැදිකරුවන් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනෙකු පාදුක්කේදී ගම්වාසීන්ගෙන් කොටු වෙයි

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved