ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 60කට වැඩි පිරිසක් ක්ෂය රෝගය වැළඳීමේ අවදානමට ලක්වීම හේතුවෙන් ඔවුන් විශේෂ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් මත මාස තුනක කාලයක් අඛණ්ඩව ඖෂධ ලබාදීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇත. ඒ අනුව සෑම ඉරිදා දිනකම අදාළ රැඳවියන්ට නියමිත ඖෂධ මාත්‍රාව ලබාදෙන අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන් විසින් නිරන්තර පරීක්ෂණ පවත්වනු ලබයි.














