ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් රජයේ රෝහල් පද්ධතියට මිලදී ගැනීම හරහා රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද (19) ආරම්භ වේ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්වීමට නියමිතය.
පසුගිය නඩු වාරයේදී නියම වූ පරිදි පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අද දින අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබූ අතර, ඒ අනුව නඩුවේ ප්‍රධාන සාක්ෂි විමසීම අද දින සිට අඛණ්ඩව සිදු කිරීමට නියමිතව තිබේ. දිවයිනේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මෙම වංචාව සම්බන්ධයෙන් වන නීතිමය ක්‍රියාදාමය දෙස බොහෝ දෙනා අවධානයෙන් පසුවෙති.














