දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන සිටින වැලිගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා එළඹෙන ජුනි මස දෙවන දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (19) නියෝග කළේය. අදාළ සිද්ධියට සම්බන්ධ සැකකාර හිටපු සභාපතිවරයා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
















