ජාතික අධිවේගී මාර්ග පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ මාලඹේ – කඩුවෙල මාර්ගයේ (B 263) කිලෝමීටර 5.56ක කොටසක් වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ කැඳවන ලද ලංසු අටක් අතුරින්, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත අවම ලංසුකරු වන සෙනරත් ඉංජිනේරු පෞද්ගලික සමාගම (M/s Senarath Engineering Pvt Ltd) වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට නියමිතය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව එකතු කළ අගය මත බදු (VAT) රහිතව රුපියල් මිලියන 819ක මුදලකට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.














