ඉරානයට සම්බන්ධ බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඉන්දියන් සාගරයේදී අමෙරිකානු ආරක්ෂක අංශ විසින් තම භාරයට ගෙන ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) පුවත්පත වාර්තා කරයි. අමෙරිකානු උසස් නිලධාරීන් තිදෙනෙකු උපුටා දක්වමින් එම පුවත්පත මේ බව අනාවරණය කර ඇති අතර, මෙම සිදුවීමත් සමඟ ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
‘ස්කයිවේව්’ (Skywave) ලෙස හඳුන්වනු ලබන මෙම නෞකාව, නීතිවිරෝධී ලෙස ඉරාන තෙල් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත පසුගිය මාර්තු මාසයේදී ද අමෙරිකානු සම්බාධකවලට ලක්ව තිබූ එකකි. ඉකුත් පෙබරවාරි මාසයේදී ඉරානයේ ‘ඛාර්ග්’ (Kharg Island) දූපතෙන් මෙම නෞකාවට බොරතෙල් බැරල් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් පටවා ඇති බවට බුද්ධි තොරතුරු අනාවරණය වී තිබිණි. ජාත්‍යන්තර සම්බාධක උල්ලංඝනය කරමින් ගමන් ගත් මෙම නෞකාව ඉදිරි නීතිමය පියවර සඳහා අමෙරිකානු නාවික හමුදාවේ පාලනය යටතට ගෙන ඇති බව වාර්තා වේ.














