කාසල් වීදියේ කාන්තා රෝහල තුළදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කිරීමේ සැත්කම් හෝ ක්‍රියාවලීන් සිදුකරන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය බව කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා අවධාරණය කරයි. මීට අදාළව පැතිර යන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරමින් රෝහල් පාලනාධිකාරිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ අසත්‍ය පුවත් මගින් මහජනතාව නොමඟ යවන බවත්, එවැනි කිසිදු ක්‍රියාවක් රෝහල් පරිශ්‍රය තුළ සිදුනොවන බවත් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. මෙවැනි සංවේදී සෞඛ්‍ය ආයතන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත්, නිල නොවන මූලාශ්‍ර මගින් පැතිරෙන මෙවැනි පුවත් විශ්වාස නොකරන ලෙසත් රෝහල් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















