කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය අවම කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර පර්යේෂණ ව්‍යාපෘතියකට එක්වීමට යාපනය විශ්වවිද්‍යාලයට රජයේ අනුමැතිය හිමිවී තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලය ඇතුළු විදේශීය ආයතන 11ක් සහයෝගය ලබා දෙන අතර, ඒ සඳහා බ්‍රිතාන්‍යයේ ආයතනයකින් රුපියල් මිලියන 173කට අධික මුදලක් ආධාර වශයෙන් ලැබේ. මෙමගින් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට සහාය වීමේ ක්‍රමවේදයන් දියුණු කිරීම, පර්යේෂණ සිදු කිරීම සහ ඵලදායී විසඳුම් සෙවීම සිදු කෙරේ. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වැඩසටහන් ශක්තිමත් කිරීමටත්, යාපනය විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සඳහා යොමු කිරීමටත් මහත් පිටුවහලක් වනු ඇත.














