හුංගම, කට්ටකඩුව ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබේ. අද (20) උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වේ.
පොලිස් අණ නොතකා ධාවනය වූ හෝ සැකකටයුතු ලෙස ධාවනය වූ මෙම ලොරි රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් උත්සාහ කර ඇති අතර, එහිදී එය පාලනය කරගැනීම සඳහා මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික තොරතුරු පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.














