රට තුළ කිසිදු ආර්ථික අර්බුදයක් නොමැති බව රජය ප්‍රකාශ කළ ද, වත්මන් තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ සියල්ලෙහිම මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර, මෙම පාලනයකින් තොරව සිදුවන මිල ඉහළ යෑම ඉදිරියේදී ඉතා භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහ්මාන් මහතා, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් කෙසේ වෙතත් වත්මන් මූල්‍ය වෙළඳපොළ තුළ ඇමරිකානු ඩොලරයේ අගය විටින් විට විශාල ලෙස වෙනස් වෙමින් පවතින බව පෙන්වා දුන්නේය. උදෑසන පවතින ඩොලරයේ අගය දහවල් වන විට වෙනස් වන අස්ථාවර මට්ටමකට රටේ ආර්ථිකය පත්ව ඇති බැවින්, මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට රජය වහාම පියවර ගත යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
















