අධිකරණ කටයුත්තක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී දැඩි අවධානය යොමු කර තිබේ.
පොලිස් රාජකාරီවලට බාධා කළ බවට වන නඩුවක් සඳහා අර්චුනා මන්ත්‍රීවරයා අද (ජූලි 24) අධිකරණයට පෙනී නොසිටි අතර, එම අවස්ථාවේදී ඔහු පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වෙමින් සිට ඇත. පාර්ලිමේන්තු කටයුතුවල නිරත වීම ජනතා නියෝජිතයෙකුගේ මූලික වරප්‍රසාදයක් බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, මෙම සිදුවීම මන්ත්‍රීවරයාගේ පමණක් නොව සමස්ත පාර්ලිමේන්තුවේම වරප්‍රසාද කඩවීමක් වන බැවින් මන්ත්‍රීවරයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කථානායක ජගත් වික්‍රමරත්න මහතා වහාම පියවර ගත යුතු බව ඉල්ලා සිටියේය.
















