අලුත්ගම, මොරගල්ල සංචාරක කලාපයේ කුලී නිවසක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීමේ නිරත වූ 35 හැවිරිදි රුසියානු ජාතිකයෙකු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කිසිදු නීත්‍යානුකූල වීසා බලපත්‍රයක් නොමැතිව 2019 වසරේ සිට වසර 7 ක පමණ කාලයක් තිස්සේ ඔහු මෙරට නීතිවිරෝධී ලෙස රැඳී සිට ඇති බව අනාවරණය වී ඇත. වැටලීමේදී සැකකරු සතුව තිබී ගංජා ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 200 ක ප්‍රමාණයක් මෙන්ම, ඔහු භාවිත කළ ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ ලැප්ටොප් පරිගණක දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
















