විෂ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූවන් ඉන් මුදවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ, අභිනවයෙන් ඉදිකරන ලද මඩකලපුව කල්ලඩි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අද (21) නිල වශයෙන් විවෘත කෙරුණා. මෙම සමාරම්භක අවස්ථාව මහජන ආරක්ෂක, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
රට තුළ ව්‍යසනයක් වී ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව ක්‍රියාත්මක ජාතික මෙහෙයුම යටතේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු වඩාත් විධිමත් හා පුළුල් කිරීම රජයේ අරමුණ වී තිබෙනවා. ඒ අනුව දිවයින පුරා නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම කල්ලඩි මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරුණා.
මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ද එක්ව සිටියා.
















