රාජ්‍ය අංශයට අයත් ප්‍රමුඛ පෙළේ නැව් සහ බෝට්ටු නිෂ්පාදන ආයතනයක් වන සීනෝර් (Ceynor) පදනම විසින් මොරිෂස් රාජ්‍යය වෙනුවෙන් අලුතින්ම නිර්මාණය කරන ලද දැවැන්ත නාවික යාත්‍රාවේ නිෂ්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. අඩි 55 ක් දිගැති, ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකහමාරක් (USD 250,000) වටිනා මෙම නවීන යාත්‍රාවේ සමස්ත නිමවුම් කටයුතුවලින් 90% ක්ම මේ වන විට සාර්ථකව අවසන් කර ඇත. ධීවර හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මට්ටක්කුලිය පිහිටි සීනෝර් පරිශ්‍රයේ ඊයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් මෙම යාත්‍රාවේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලූ අතර, ඉදිරි දින කිහිපය තුළදී එය නිල වශයෙන් මොරිෂස් රාජ්‍යය වෙත භාරදීමට නියමිතය.
දේශීය ශ්‍රමයට සහ තාක්ෂණයට ඉහළ වටිනාකමක් ලබා දෙමින් සීනෝර් ආයතනය ලෝකයේ ප්‍රමුඛ පෙළේ නෞකා නිෂ්පාදන සන්නාමයක් බවට පත්කිරීම වත්මන් රජයේ ප්‍රධාන අපේක්ෂාව වී තිබේ. මේ පිළිබඳව අදහස් දැක්වූ සීනෝර් ආයතනයේ සභාපති වසන්ත මාන්නප්පෙරුම මහතා කියා සිටියේ, ඉදිරියේදී වසරකට මෙවැනි මහා පරිමාණ යාත්‍රා 04 ක් බැගින් ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා නිෂ්පාදනය කරමින්, වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියනයකට අධික විශාල විදේශ විනිමයක් රටට උපයා දීමට ආයතනය සැලසුම් කර ඇති බවයි.
















