අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කිරීමට සැලසුම් කර තිබූ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු තාවකාලිකව කල් දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි මෙම දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු හෙට (23) උදෑසන 09.30 සිට අනිද්දා (24) උදැසන 07.30 දක්වා සිදු කිරීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ. කෙසේ වෙතත් පවතින වර්ෂාපතනය ඇතුළු කාලගුණික බාධා නිසා මෙම තීරණය ගෙන ඇති අතර, අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු නැවත සිදුකරන දින වකවානු ඉදිරියේදී මහජනතාව වෙත දැනුම් දීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.














