හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් වෙන්චර් වත්ත ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් පාසල් සිසුවෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. පොලිසිය සඳහන් කරන්නේ පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වී පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අද උදෑසන 7:10ට පමණ මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වයක් පැවතී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.














