තුර්කියේ ප්‍රධාන විපක්ෂය වන ‘ජනරජ මහජන පක්ෂයේ’ (CHP) නායකයා ධුරයෙන් ඉවත් කිරීමට ලබාදී තිබූ නියෝගයට එරෙහිව එම පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් එරට අන්කාරා අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව තුර්කි මාධ්‍ය වාර්තා කරයි.
‘කුම්හුරියෙට්’ (Cumhuriyet) පුවත්පත ඇතුළු එරට ප්‍රමුඛ පෙළේ මාධ්‍ය වාර්තා කර සිටියේ, පක්ෂ නායක ඔස්ගුර් ඔසෙල් (Ozgur Ozel) මහතාව ධුරයෙන් නෙරපා හැරීමට ගෙන තිබූ තීන්දුවට එරෙහිව ඉදිරිපත් වූ මෙම මුල් අභියාචනය මෙලෙස ප්‍රතික්ෂේප වී ඇති බවයි.කෙසේ වුවද, මෙම තීන්දුවට එරෙහිව ජනරජ මහජන පක්ෂය (CHP) විසින් එරට ඉහළ අධිකරණයකට මෙන්ම උත්තරීතර මැතිවරණ මණ්ඩලය (YSK) වෙත ද තවත් අභියාචනා ඉදිරිපත් කර ඇති අතර, ඒවා සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කර නොමැත. විපක්ෂ නායක ඔස්ගුර් ඔසෙල් මහතාව මෙලෙස ධුරයෙන් ඉවත් කිරීමේ සිදුවීමත් සමඟ තුර්කිය තුළ දැඩි දේශපාලන අර්බුදයක් හටගෙන ඇති අතර, එය එරට මූල්‍ය වෙළෙඳපොළ කෙරෙහි ද අහිතකර ලෙස බලපා ඇති බව වාර්තා වේ.














