කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) කටයුතු අද (22) දිනය සඳහා නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 95.87කින් (0.44%කින්) ඉහළ ගොස් තිබේ.ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,929.64ක් ලෙස සටහන් වූ බව වාර්තා වෙයි.වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය යහපත් මට්ටමක පැවති අද දිනය තුළ වාර්තා වූ මුළු පිරිවැටුම (Turnover) රුපියල් බිලියන 2.1ක් ලෙස සටහන් වී ඇත.














