පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගුවන්තොටුපොළ අවට පිවිසුම් මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින බැවින්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන සියලුම ගුවන් මගීන්ට තම ගුවන් ගමන් වාරයට අවම වශයෙන් පැය 4කට පෙර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ලෙස ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා හදිසි ඉල්ලීමක් කරයි.
එමෙන්ම, සාමාන්‍ය මාර්ග ජලයෙන් යටවීම නිසා සිදුවිය හැකි ප්‍රවේශ ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ගුවන්තොටුපොළ වෙත පැමිණීමේදී හැකිතාක් දුරට කටුනායක අධිවේගී මාර්ගය (E03) භාවිත කරන ලෙස ද ගුවන් මගීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
















