ගෝලීය ආර්ථිකයේ සිදුවූ වෙනස්වීම් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා සහ ජාත්‍යන්තර බලශක්ති දර්ශකයන්ට අනුව ප්‍රධාන වෙළෙඳපොළ ද්විත්වයේම මිල ගණන් සටහන් වී ඇත්තේ මෙසේය:
බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල:
ජාත්‍යන්තර බොරතෙල් මිල තීරණය කරන ප්‍රධාන දර්ශකයක් වන බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 103.05ක් (ඩොලර් එකසිය තුනයි සත පහක්) ලෙස සටහන් වී තිබුණි.
ඇමෙරිකානු (WTI) බොරතෙල් මිල:
මේ අතර, ඇමෙරිකානු වෙළෙඳපොළේ (West Texas Intermediate) බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් 96.60ක් (ඩොලර් අනූ හයයි සත හැටක්) ලෙසිනි.
පසුගිය දින කිහිපය පුරාම මැදපෙරදිග කලාපයේ පැවති දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් බොරතෙල් මිල ගණන් ඉහළ අගයක පැවති අතර, ඇමෙරිකාව සහ ඉරානය අතර නව සාමකාමී එකඟතාවන් පිළිබඳව වාර්තා වීමත් සමඟ මෙලෙස ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් නැවතත් පහළ යාමට පටන්ගෙන ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















