පසුගිය සමය පුරා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA) තුළ සිදුව ඇති බව කියන මහා පරිමාණ ඉඩම් වංචාවන් සහ මූල්‍ය අක්‍රමිකතා රැසක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වී තිබේ.
කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේ නිවාස සංවර්ධන අධිකාරිය සතු වටිනා ඉඩම් නීති විරෝධී ලෙස සහ විධිමත් ක්‍රමවේදවලින් බැහැරව පරිහරණය කර ඇති ආකාරය කමිටු විමර්ශනවලදී හෙළි වූ බවයි.
අනාවරණය වූ ප්‍රධාන වංචාවක් සහ ඉදිරි පියවර මෙසේය:
මාලිගාවත්තේ පෙරපාසල් ඉඩම් වංචාව:
හඳුනාගත් වංචනික ක්‍රියාවන් අතර, 1999 වසරේ සිට වසර ගණනාවක් තිස්සේ මාලිගාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති පෙරපාසලකට අදාළ ගනුදෙනුවක් ද පවතින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. රජයේ නියමිත නිල තක්සේරු වටිනාකමට වඩා අතිශය අඩු මුදලක් යටතේ මෙම වටිනා ඉඩම අදාළ ආයතනය වෙත ලබා දී තිබීමෙන් රජයට විශාල මූල්‍ය හානියක් සිදුව ඇතැයි මෙහිදී අනාවරණය විය.
CID සහ අල්ලස් කොමිසමට පැමිණිලි:
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ සිදුව ඇති මෙම සමස්ත ඉඩම් සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ඉදිරියේදී අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත විධිමත් ලෙස කරුණු වාර්තා කර පුළුල් විමර්ශනයක් ඉල්ලා සිටීමට කෝප් කමිටුව තීරණය කර ඇති බව ද වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














