තුර්කියේදී පැවැත්වුණු 2026 මිස් අවුරා ඉන්ටර්නැෂනල් (Miss Aura International) රූ රැජිණ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වෛද්‍ය දෙවීනා නවීක්ෂි මෙනෙවිය, එම තරගාවලියේ “හොඳම ජාතික ඇඳුමට” හිමි කිරුළ දිනාගනිමින් දිවයිනට පැමිණියාය. ලොව රටවල් 40ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ අවසන් විසිදෙනාගේ වටයට තේරී පත්වීමට ද ඇය සමත් විය. වෘත්තියෙන් වෛද්‍යවරියක වන ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන අතර, ඇයගේ මෙම ජයග්‍රහණයෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී විශේෂ පිළිගැනීමක් ලැබිණි.














