නාත්තන්ඩිය මාදම්පේ ප්‍රධාන මාර්ගයේ කුඩා වැව ප්‍රදේශයේදී අද (25) සිදුවූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. නාත්තන්ඩිය දෙස සිට මාදම්පේ දෙසට සහල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මාරවිල පොලිසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ කුඩා වැව, කලිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.














