එරට පැවති පාලක සන්ධානය බිඳ වැටීමෙන් පසු, ලැට්වියාවේ විපක්ෂ මන්ත්‍රී අන්ඩ්‍රිස් කුල්බර්ග් (Andris Kulbergs) මහතා විසින් පක්ෂ හතරකින් සමන්විත නව රජයක් පිහිටුවීමට පියවර ගන්නා බව අද (25) ප්‍රකාශ කළේය. එරට ජනාධිපති එඩ්ගාර්ස් රින්කෙවික්ස් විසින් ඔහුව අග්‍රාමාත්‍ය ධුරය සඳහා යෝජනා කර ඇති අතර, ඊට අදාළ එකඟතාවලට තවමත් අත්සන් තබා නොමැති වුවද නව සන්ධාන රජය ගොඩනැගීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව වාර්තා වේ.














