මාලිගාවත්ත තුරඟ තරග මධ්‍යස්ථානයක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථයක් සොරාගැනීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලිසිය සමත් විය.
මෙම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ රුපියල් ලක්ෂ තුනකට අධික වටිනා අයිස් (ICE) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇත.
අදාළ ත්‍රීරෝද රථය සොරාගන්නා අවස්ථාවේ සැකකරුගේ හැසිරීම ආසන්නයේ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබූ අතර, එම දර්ශන ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු හඳුනා ගැනීමට හැකි විය. කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු මීට පෙර කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් ත්‍රීරෝද රථ 6කට අධික ප්‍රමාණයක් සොරාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, සොරාගන්නා ලද සෙසු ත්‍රීරෝද රථ සොයාගැනීම සඳහා මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














