වයස අවුරුදු 18ත් 59ත් අතර පසුවන, රජයේ විශ්‍රාම වැටුප් හිමිකම් නොලබන ඕනෑම අයෙකු සඳහා ‘සුරැකුම’ විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ ලියාපදිංචි වීමට අවස්ථාව උදාවී තිබේ. තමන්ට රිසි විශ්‍රාම වැටුප් ප්‍රමාණයක් තීරණය කරගැනීමට සහ ගෙවීමේ හැකියාව අනුව වාරික ගෙවීමට මෙහිදී අවස්ථාව හිමි වේ.
වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා ගිවිසගත් රුපියල් 50,000ක මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ හැකියාව.
සාමාජිකයාගේ අභාවයකදී, ඔවුන්ගේ වයස අවුරුදු 80 වන තෙක් කාලත්‍රයාට හෝ යැපෙන්නාට විශ්‍රාම වැටුප අඛණ්ඩව හිමිවීම.
විශ්‍රාම වැටුප් ලැබීමට පෙර සිදුවන අභාවයකදී රුපියල් 100,000ක අවමංගල්‍ය දීමනාවක් සමඟ කාලත්‍රයාට හිමිකම් හෝ ගෙවූ මුදල ආයෝජන ආදායම සමඟ ලබාගැනීමේ හැකියාව.
හදිසි අනතුරකදී හෝ රෝගයකදී අබලතාවයට පත්වුවහොත් රුපියල් 500,000ක පාරිතෝෂිකයක් සමඟ ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප හිමිවීම සහ ඉදිරි වාරික ගෙවීමෙන් නිදහස් වීම.
ස්ථිර අර්ධ අබලතාවයකදී රුපියල් 100,000ක පාරිතෝෂිකයක් හිමිවීම සහ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා මූල්‍ය සහාය ලබා ගැනීමේ හැකියාව.
මෙම වාරික ගෙවීම් සඳහා ඉතා නම්‍යශීලී ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. වයස අවුරුදු 20 සිට 45 දක්වා කාලය තුළ මුදල් ගෙවීම සිදුකළ හැකි අතර, මාසික, වාර්ෂික, කාර්තුමය හෝ වසර දෙක සිට හතර දක්වා කාලසීමාවන් තුළ වාරික ගෙවීමේ අවස්ථාව පවතී.
වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා පහත අංක ඔස්සේ සම්බන්ධ විය හැකිය
දුරකථන අංකය: 011 2 88 60 88
වට්ස්ඇප් (WhatsApp) අංකය: 077 1 44 30 44














