ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් සමාජ ආරක්ෂණ විශ්‍රාම සැලසුම් සඳහා නිවසේ සිටම ජංගම දුරකථනය ඔස්සේ ලියාපදිංචි වීමේ පහසුකම මේ වන විට ලබා දී තිබේ. මෙම ඩිජිටල්කරණය හරහා ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ පහසු සේවාවක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ.
මෙහි විශේෂත්වය වන්නේ මෙම විශ්‍රාම සැලසුම් විශ්‍රාමික පුද්ගලයාට පමණක් සීමා නොවි, සමස්ත පවුලේ සාමාජිකයන් වෙතම ආර්ථික රැකවරණයක් සැලසෙන පරිදි නිර්මාණය කර තිබීමයි.
මෙම විශ්‍රාම සැලසුම් යටතේ හිමිවන ප්‍රතිලාභ
ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීම.
කාලාත්‍රයා (සැමියා හෝ බිරිඳ) වෙත විශ්‍රාම වැටුප හිමිවීම.
අනපේක්ෂිත ජීවිත හානිවලදී මූල්‍යාධාර හිමිවීම.
ආබාධිත තත්ත්වයකදී පාරිතෝෂිත සහ විශ්‍රාම වැටුප හිමිවීම.
දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු මූල්‍යමය අවශ්‍යතා සඳහා දීමනා ලබා ගැනීම.
මෙම නව සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රය වඩාත් පුළුල් සහ කාර්යක්ෂම සේවාවක් ලෙස ජනතාව වෙත සමීප කරවීමට අපේක්ෂා කෙරේ.














