දිවයින පුරා මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය විසින් සකස් කළ විශේෂ මාර්ගෝපදේශ මාලාවක් මේ වන විට නිකුත් කර තිබේ. ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙය සකස් කර ඇත.රෝග ලක්ෂණ (සැකකටයුතු රෝගී තත්ත්වයන්), සායනික රෝග විනිශ්චය සහ වර්ගීකරණය, ප්‍රතිකාර ක්‍රමවේද සහ රසායනාගාර පරීක්ෂණ.පාලන පියවර ආයතනික සහ ප්‍රජා මට්ටමේ පාලන පියවර, උත්සව සහ ප්‍රජා රැස්වීම් සඳහා විශේෂ උපදෙස්, සහ සායනික කළමනාකරණය.රෝගය පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත.රෝග ව්‍යාප්තිය පිරිසිදු නොවන ජලය, ආහාර සහ දෑත් හරහා (මල-මුඛ මාර්ගයෙන්) මෙන්ම කැස්ස හෝ කිවිසීමේදී පිටවන බිඳිති (Droplets) මගින් රෝගය බෝ වේ. වෛරසයට නිරාවරණය වී දින 3 සිට 7 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ මතුවේ.
ප්‍රධාන රෝග ලක්ෂණ උණ, හිසරදය සහ වමනය. (සාමාන්‍යයෙන් දින 7ක් ඇතුළත රෝගය සුව අතට පත්වේ).
රෝගය වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු පොදු සෞඛ්‍ය පුරුදු
සබන් සහ ජලය යොදා දෑත් හොඳින් සේදීම.
කැස්ස හෝ කිවිසීමේදී වැලමිට ඇතුළු පැත්තෙන්, ලේන්සුවකින් හෝ ටිෂු එකකින් මුඛය සහ නාසය වසා ගැනීම.
රෝග ලක්ෂණ ඇති අය සමඟ සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකීම.
නිවෙස් සහ ගොඩනැගිලි තුළ හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම.
මෙම උපදෙස් මාලාව දිවයිනම ආවරණය වන පරිදි සියලුම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන්, වෛද්‍ය නිලධාරීන් සහ ප්‍රජා වෛද්‍යවරුන් වෙත දැනුම් දී ඇත.














