කොළඹ මහ නගර සභාව විසින් රජයට ගෙවිය යුතු රුපියල් මිලියන 1034ක වැට් (VAT) බදු මුදල නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.මෙම නඩුවේ වගඋත්තරකරු ලෙස කොළඹ මහ නගර සභාව නම් කර ඇති අතර, අදාළ බදු මුදල රජයට අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස දේශීය ආදායම් කොමසාරිස්වරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව ඇත.














