මෙම වසරේ ජනවාරි මස පළමුවැනි දින සිට මැයි මස 24 වැනි දින දක්වා කාලය තුළ දිවයිනට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 990,032ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
වඩාත්ම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 236,916කි.
ඉන්දියාවට අමතරව බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය යන රටවලින් වැඩි සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
මැයි මස පළමුවැනි දින සිට 24 වැනි දින දක්වා කාලය තුළ පමණක් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 113,755කි.














