ශ්‍රී ලංකාවේ භූමිගත රූපවාහිනී විකාශන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ සෝමාටා (Akio Zsomata) මහතා විසින් මෙම සාකච්ඡාව මෙහෙයවන ලදී.
මෙම ව්‍යාපෘතිය 2014 වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළ ද, දශකයකට ආසන්න කාලයක් ප්‍රමාද වී පැවති අතර, එය කඩිනමින් ඉදිරියට ගෙන යාමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර ඇත.ජපානයේ ISDB-T තාක්ෂණය භාවිතා කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) ඇතුළු ආයතන සඳහා නවීන ඩිජිටල් විකාශන පහසුකම්, ප්‍රේෂක පද්ධති සහ ඇන්ටෙනා ස්ථාපනය කෙරේ.
මෙම තාක්ෂණය මගින් උසස් ගුණාත්මක රූපවාහිනී සේවා, බහු භාෂා විකාශන සහ හදිසි අනතුරු ඇඟවීමේ පද්ධති ජනතාවට ලබාගත හැකි වේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය (MODE) මගින් ජාතික වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින අතර, JICA ආයතනය තාක්ෂණික උපදේශන සහ සහයෝගය ලබා දෙයි.සුමට සංක්‍රමණයක් සඳහා අඩු ආදායම්ලාභී පවුල්වලට සහන මිලට Set-Top Boxes (STB) ලබාදීම සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.














