නිවාස සංවර්ධන අධිකාරිය සතු දේපළ සහ ඉඩම් සම්බන්ධයෙන් සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතා රැසක් කෝප් (COPE) කමිටුව හමුවේ අද (25) අනාවරණය විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් කාල්ටන් පෙර පාසලට නිවාස සංවර්ධන අධිකාරිය සතු දේපළ ඉතා අඩු මුදලකට ලබා දී ඇත.
කොළඹ මාතා පාරේ පිහිටි, 1999 වසරේදී ලක්ෂ 45ක වටිනාකමක් තිබූ නිවසක් මහින්ද රාජපක්ෂ මහතා විසින් කිසිදු මුදලක් ගෙවා නොමැති බවත්, ඊට අදාළ ලිපිගොනු ද අතුරුදන් වී ඇති බවත් හෙළි විය.
මාලිගාවත්තේ පිහිටි කාල්ටන් පෙරපාසල සඳහා ලබා දුන් ඉඩමට ඉතා අඩු මුදලක් ගෙවා ඇති අතර, ඊට යාබද ඉඩම් කැබලි දෙකක් ද බලහත්කාරයෙන් ප්‍රයෝජනයට ගෙන ඇත.
යෝෂිඩා පදනම වෙත කොළඹ ඇතුළු දිවයිනේ නගර කිහිපයකින් අක්කර 7කට වැඩි ඉඩම් ප්‍රමාණයක් අනීතිකව ලබා දී ඇත.














