2026 ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා වන ටෙස්ට්, එක්දින (ODI) සහ විස්සයි විස්ස (T20I) සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද (25) ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම සංචාරය එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් යන ආකෘති ත්‍රිත්වයෙන්ම සමන්විත වන අතර, මුලින්ම එක්දින තරගාවලියත්, ඉන් අනතුරුව විස්සයි විස්ස සහ ටෙස්ට් තරගාවලිත් පැවැත්වීමට නියමිතය.
සංචිතවල නායකත්වය සහ උප නායකත්වය
එක්දින (ODI) සහ ටෙස්ට් (Test) සංචිත: කුසල් මෙන්ඩිස් (නායක), කමිඳු මෙන්ඩිස් (උපනායක).
විස්සයි විස්ස (T20I) සංචිත: ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස් (උපනායක).














