මැදපෙරදිග කලාපයේ බලතුලනය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි අතිශය තීරණාත්මක ස්ථාවරයක් සෞදි අරාබිය විසින් ජාත්‍යන්තරය හමුවේ නැවත වරක් ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන පරිදි, ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරණය (Normalization) කිරීමට ප්‍රථම, කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි නිල පලස්තීන රාජ්‍යයක් (Palestinian State) බිහි කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව සෞදි අරාබිය අවධාරණය කරයි. කලාපයේ සෙසු සියලුම රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවන් සිදුවිය යුත්තේ ඉන් අනතුරුව පමණක් බව පවසන රියාද් බලධාරීන්, සිය සාම්ප්‍රදායික ප්‍රතිපත්තිය මෙතෙක් කිසිදු වෙනසකට ලක් කර නොමැති බව ලෝකයටම පෙන්වා දී ඇත.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායල සබඳතා සාමාන්‍යකරණය කිරීමේ ක්‍රියාවලිය ද ඉරාන සාම ගිවිසුම් පැකේජය (Iran deal package) තුළටම ඇතුළත් කිරීමට දැඩි උත්සාහයක නිරත වුවද, සෞදි අරාබිය ප්‍රකාශ කර සිටින්නේ මේවා එකිනෙකට වෙනස් මිල ටැග් සහිත වෙනස්ම සාකච්ඡා මේස දෙකක් බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය ඇතුළු රටවල් කිහිපයක් පලස්තීන රාජ්‍යයක් පිළිබඳ කිසිදු ස්ථාවර පොරොන්දුවකින් තොරව ඊශ්‍රායලය සමඟ “ඒබ්‍රහම් ගිවිසුම්” (Abraham Accords) අත්සන් කරන දෙස සෞදි අරාබිය බලා සිටි නමුත්, සෞදි අරාබියේ තීරණය සතු ජාත්‍යන්තර දේශපාලන බර සහ වටිනාකම ඊට වඩා බෙහෙවින් වෙනස් බව සෞදි බලධාරීහු හොඳින්ම දනිති.
අරාබි ලෝකය තුළ ඊශ්‍රායලයට එරෙහිව පවතින ප්‍රධානතම සහ බලගතුම බලකොටුව සෞදි අරාබිය වන අතර, තමන් සතු එම අතිමහත් රාජ්‍ය තාන්ත්‍රික බලය (Leverage) හුදෙක් ඉරාන ගිවිසුමකට ලැබෙන අතිරේක දීමනාවක් (Bonus) ලෙස ඇමරිකාවට නිකුත් කිරීමට සෞදි අරාබිය කිසිසේත්ම සූදානම් නැත. මැදපෙරදිග කලාපයේ සැබෑ සාමය උදාවීම සඳහා පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව සනාථ කළ සෞදි අරාබියේ මෙම දැඩි ස්ථාවරය, ඉදිරි දිනවලදී ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ ඉදිරි දේශපාලන මෙන්ම මිලිටරි උපායමාර්ගයන් කෙරෙහි සෘජුවම බලපෑම් එල්ල කරන ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යය වනු නොඅනුමානය.
මුලාශ්‍ර – CNN / Mario Nawfal














