ලංකාවට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය සපයන ප්‍රධානතම ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් අයෙකු වන ‘ශිරාන් බාසික්’ නැමැත්තා ඩුබායිහිදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙරට පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙම විශේෂ තොරතුර වාර්තා වේ.
ජාත්‍යන්තර ඉරාන මත්ද්‍රව්‍ය ජාලය සමඟ සෘජු සබඳතා පවත්වමින් කටයුතු කිරීම හේතුවෙන් මොහු ඇමරිකානු ආරක්ෂක අංශවලට පවා අත්‍යවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු බව අනාවරණය වී ඇත. ශිරාන් බාසික් මෙතෙක් කාලයක් ඩුබායි රාජ්‍යය තුළ මහා ධන කුවේරයෙකු ලෙස පෙනී සිටිමින්, ඉතා සූක්ෂ්ම ලෙස සිය මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් සැඟව සිට තිබේ. කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි ආරක්ෂක අංශ විසින් ශ්‍රී ලංකා රජය හෝ මෙරට ආරක්ෂක අංශ වෙත මේ දක්වා නිල වශයෙන් දැනුම්දීමක් සිදු කර නොමැති අතර ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සම්බන්ධීකරණ කටයුතු සිදුවීමට නියමිතය.














