දින 20ක් වයසැති බිළිඳෙකු රුපියල් ලක්ෂයක මුදලකට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බිළිඳාගේ මව සහ බිළිඳා මිලදී ගත් කාන්තාව පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (26) අත්අඩංගුවට ගෙන ඇත.
පල්ලම කම්මන්දළුව ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණියක් විසින් බිහි කළ මෙම බිළිඳා, මදුරන්කුලිය කඩයමොට්ට ප්‍රදේශයේ කාන්තාවක් විසින් රුපියල් ලක්ෂයක මුදලකට මිලදී ගෙන ඇත.
ආර්ථික අපහසුතා සහ පවුල් පසුබිම මත ඇති වූ ගැටලු හේතුවෙන් මව විසින් මෙම තීරණය ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.දරුවන් නොමැති කම නිසා වසර 18කට වැඩි කාලයක් දරුවෙකු අපේක්ෂාවෙන් සිටි කාන්තාවක් විසින් මෙම බිළිඳා මුදල් ගෙවා ලබාගෙන ඇත.බිළිඳා ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු නිත්‍යානුකූල ක්‍රියාවලිය පැහැර හරිමින් නීතිවිරෝධී ලෙස මෙම ගනුදෙනුව සිදු කිරීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














