උතුරු කොරියාව විසින් අද (26) සිය බටහිර වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට හඳුනා නොගත් ප්‍රක්ෂේපණයක් (Unidentified projectile) දියත් කර ඇති බව දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් නිවේදනය කරයි.
මෙය මිසයිල අත්හදා බැලීමක් ලෙස තහවුරු වුවහොත්, එය පසුගිය අප්‍රේල් 19 වන දිනෙන් පසු සිදුවූ පළමු අත්හදා බැලීම ලෙස වාර්තා වේ. එම අවස්ථාවේදී උතුරු කොරියාව පොකුරු බෝම්බවලින් සමන්විත කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් අත්හදා බලනු ලැබීය.
අප්‍රේල් මස මුලදී ද පියොන්යැං පාලනය විසින් නවතම පොකුරු බෝම්බ ප්‍රහාරක හිසක් සහිත බැලස්ටික් මිසයිලයක් සහ විද්‍යුත් චුම්භක අවියක් අත්හදා බැලූ බව වාර්තා විය. නවීන යුද්ධයකට මුහුණ දීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීම මෙම අත්හදා බැලීම්වල අරමුණ බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පසුගිය මාර්තු මාසයේදී ප්‍රකාශ කළේ තම රට න්‍යෂ්ටික අවි සන්නද්ධ රාජ්‍යයක් බවත්, ජාතික ආරක්ෂාව සඳහා න්‍යෂ්ටික අවහිර කිරීමේ හැකියාව පුළුල් කිරීම අත්‍යවශ්‍ය බවත්ය.














