ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (26) යළි කැඳවනු ලැබීය. එහිදී මියගිය මහතා භාවිත කළ ජංගම දුරකථනයේ අගුලු ඇරීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා ඇපල් සමාගම වෙත ඉල්ලීමක් යොමු කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේය.
මීට අමතරව රුධිර සාම්පල ඇතුළු නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති අතර, මියගිය අයගේ හිතවතෙකු බව පැවසෙන පෞද්ගලික අංශයේ සේවකයෙකු ද අද සාක්ෂි ලබා දෙන ලදී. කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණයට කැඳවන ලෙස ද පොලිසියට දැනුම් දී ඇත.














