රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ප්‍රායෝගික පුහුණු කටයුතු වෙනුවෙන් ඉදිකළ නවීන තාක්ෂණික උපාංග සහිත HD රූපවාහිනී මැදිරිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (26) සිසු අයිතියට පත් කෙරුණා.
මෙම රූපවාහිනී මැදිරියට සමගාමීව වෙබ් ගුවන් විදුලි නාලිකාවක් සහිත විකාශන මැදිරියක්, කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයක් සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ මධ්‍යස්ථානයක් ද මෙහිදී විවෘත විය. එසේම, මෑතකදී ඇතිවූ ආපදාවලින් බලපෑ පාසල් සිසුන් වෙනුවෙන් ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීම සහ 2030 වන විට විශ්වවිද්‍යාලය කාබන් විමෝචනයෙන් තොර ආයතනයක් බවට පත් කිරීමේ “පරිසර හිතකාමී හරිතකරණ ප්‍රතිපත්තිය” (UOVT Greening Policy) නිල වශයෙන් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණා.














