ඉරානය සතු යුරේනියම් තොගය වහාම ඇමෙරිකා එක්සත් ජනපදයට භාරදෙන ලෙසත්, එය විනාශ කිරීමට තමන් කටයුතු කරන බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
විකල්ප 1 ඉරානය සතු යුරේනියම් තොගය ඇමෙරිකාවට රැගෙන විත් විනාශ කිරීම.
විකල්ප 2 ඉරානයේ සහයෝගය ඇතිව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය (IAEA) වැනි පිළිගත් ආයතනයක නිරීක්ෂණය යටතේ එම ස්ථානයේදීම හෝ වෙනත් සුදුසු ස්ථානයකදී විනාශ කිරීම.
ඉරානය දිගින් දිගටම අවධාරණය කරන්නේ යුරේනියම් යනු තමන්ගේ ස්වෛරී අයිතිවාසිකමක් බවත්, තමන් න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ නොකරන බවත්ය. කටාර් රාජ්‍යයේදී පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේ, වත්මන් සාකච්ඡා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ඇමෙරිකාව සමඟ පවතින සන්නද්ධ ගැටුම් අවසන් කිරීමට මිස න්‍යෂ්ටික ගැටලු පිළිබඳව නොවන බවයි.
කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම, අත්හිටුවා ඇති ඉරාන වත්කම් නිදහස් කිරීම සහ අප්‍රේල් මස ප්‍රකාශයට පත් කළ සටන් විරාමය දීර්ඝ කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම අවධානය යොමු කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඕමානයේ මැදිහත් වීමෙන් පැවැති සාකච්ඡාවලින් පසු ඇති වූ ආතතීන් හමුවේ, සාකච්ඡා සාර්ථක කර ගැනීමට නම් දෙපාර්ශවය අතර විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍ය බව ඉරාන නිලධාරීන් අවධාරණය කරයි.
















