ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 330 සීමාව ඉක්මවා ගොස් තිබේ.
Central Bank of Sri Lanka
ඒ අනුව අද (27) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 320.40ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 330.81ක් ලෙසත් සටහන් විය. ඊයේ (26) දිනයේදී ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.32ක් සහ විකුණුම් මිල රුපියල් 328.69ක් ලෙස පැවැති අතර, පැය 24ක් තුළ විකුණුම් මිල රුපියල් 2කට වඩා වැඩි අගයකින් මෙලෙස ඉහළ ගොස් ඇත.
ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යාම හමුවේ රුපියල පත්ව ඇති පීඩනය පාලනය කිරීමට මහ බැංකුව ඊයේ ප්‍රතිපත්තිමය පොලී අනුපාතික ඉහළ නැංවීමට පියවර ගත්ත ද, වෙළෙඳපොළ ඉල්ලුම හේතුවෙන් ඩොලරයේ අගය තවදුරටත් ඉහළ යමින් පවතී.














