ස්වභාවික ආපදා සහ ව්‍යසන කළමනාකරණය සඳහා පවතින නීති සහ අණපනත් නිසි පරිදි ක්‍රියාවට නංවන ලෙස රාජ්‍ය බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කළේය.
ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින කෘෂිකර්‌ම අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් වෙත නොතීසි යැවීමට අභියාචනාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්‌ධන මහතා නියෝග කර තිබේ.
මෙරට ආපදා පාලනය සඳහා අණපනත් 20කට ආසන්න සංඛ්‍යාවක් පැවතුණ ද, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වාර්‌ෂිකව බරපතළ හානි සිදුවන බව ජාතික විගණන කාර්‌යාලයේ වාර්‌තාවලින් ද පෙන්වා දී ඇති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙහිදී සඳහන් කළ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම ජූලි මස 07 වනදා යළි කැඳවීමට නියම කළේය.















