හැටන් සිට මහනුවර දක්වා මගීන් ප්රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් ගම්පොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී අදාළ බස් රථයේ රියදුරු බීමත්ව රිය ධාවනය කරමින් සිටි බව හෙළි වී ඇත.
පසුව ගම්පොළ රථවාහන අංශයේ නිලධාරීන් විසින් වහාම ක්රියාත්මක වී රියදුරාව අත්අඩංගුවට ගෙන ඇති අතර, නීතිවිරෝධී ලෙස බීමත්ව මගීන් ප්රවාහනය කිරීම හේතුවෙන් අදාළ බස් රථය ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
















