ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල කැපීපෙනෙන පහළ යාමක් අද (27) දින වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30 පමණ වන විට මෙම මිල පහත වැටීම සටහන්ව තිබුණි.
ඒ අනුව, ගෝලීය වෙළෙඳපොළේ ප්‍රධාන බොරතෙල් දර්ශකයන් වන WTI බොරතෙල් බැරලයක මිල 3.83%කින් පහළ ගොස් ඩොලර් 90.29ක් දක්වා ද, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල 2.94%කින් පහළ ගොස් ඩොලර් 96.65ක් දක්වා ද අඩු වී ඇත.
මීට අමතරව, මර්බන් (Murban) බොරතෙල් බැරලයක මිල ද 4.47%ක ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇත්තේ එහි මිල ඩොලර් 90.80ක් ලෙස සටහන් කරමිනි. මැදපෙරදිග පවතින දේශපාලන වාතාවරණයන් සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා මීට බලපා ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















