මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, හෙද අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව (Nursing Orientation and Coordination Training) සාර්ථකව නිම කළ විද්‍යාවේදී හෙද (B.Sc.
Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු සක්‍රීය සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙම නව බඳවා ගැනීම් හරහා රජයේ රෝහල් පද්ධතියේ පවතින මානව සම්පත් හිඟය අවම කරමින්, රෝගී සත්කාරක සේවාවන් වඩාත් ශක්තිමත් කිරීමට අපේක්ෂිතයි. උපාධිධාරී හෙද නිලධාරීන්ගේ වෘත්තීය දැනුම සහ නවීන තාක්ෂණික පුහුණුව සෞඛ්‍ය පද්ධතියට එක්වීම මගින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රගතියක් උදාවනු ඇති බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
















