ඉඩමක් අහිමි සෑම පුරවැසියෙකුටම ඉඩම් හිමිකම් ලබා දෙමින්, රටේ සෑම බිම් අඟලක්ම ඵලදායී අනාගතයක් වෙනුවෙන් යොදවන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.
ගාල්ල, අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ රජයේ වැඩපිළිවෙළ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 178ක් වෙත ඉඩම් හිමිකම් ඔප්පු සහ ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් සහ ඉඩම් හිමිකම් ලාභීන් පිරිසක් එක්ව සිටියහ.













