හැටන් ෆෝඩයිස් වතුයායේ පිහිටි පෙරපාසලක් මතට ෆයිනස් ගසක් කඩා වැටීම හේතුවෙන් එම පෙරපාසල් ගොඩනැගිල්ලට සහ එහි තිබූ උපකරණ රැසකට දැඩි අලාභ හානි සිදුව තිබේ.
ඊයේ (27) රාත්‍රී 7:30ට පමණ එම ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව සහ තද සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගස කඩා වැටී ඇති බව වාර්තා වේ. ගස කඩා වැටීමෙන් පෙරපාසලේ වහළයට ද බරපතල හානි සිදුව ඇත. මේ වන විට කඩා වැටුණු ගස කපා ඉවත් කිරීමේ කටයුතු වතු කම්කරුවන් විසින් සිදු කරමින් පවතී.













