රථවාහන නීති උල්ලංඝනය කරන රියදුරන් ඉලක්ක කර ගනිමින් ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක කෙරෙන වංචනික ක්‍රියාවක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ දැනුම්දීමක් සිදු කරයි.
ව්‍යාජ කෙටි පණිවුඩ (SMS) සහ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ හරහා රියදුරන්ට සාවද්‍ය තොරතුරු යොමු කරමින්, ව්‍යාජ වෙබ් අඩවියක් මගින් දඩ මුදල් ලබාගැනීමට මෙම වංචාකරුවන් කටයුතු කරයි. මෙම ව්‍යාජ වෙබ් අඩවිය, රජයේ නිල ‘GovPay’ වෙබ් අඩවියට ඉතා සමාන අයුරින් නිර්මාණය කර තිබීම නිසා ජනතාව පහසුවෙන් නොමඟ යා හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අවධාරණය කරයි.
එබැවින්, රථවාහන දඩ මුදල් ගෙවීමේදී අදාළ වෙබ් අඩවියේ නිල භාවය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, නාඳුනන පණිවුඩ මගින් යොමු කෙරෙන සබැඳි (Links) ක්ලික් කිරීමෙන් වළකින ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. ඕනෑම දඩ මුදලක් ගෙවීමට පෙර එම වෙබ් අඩවිය නිල වශයෙන් රජයේ හෝ අදාළ ආයතනයේ වෙබ් අඩවියක් දැයි තහවුරු කර ගැනීම අතිශයින්ම වැදගත් වේ.













