අඩු වියදමකින් විදුලිය ජනනය කිරීමේ අරමුණින් මෙරට ක්‍රියාත්මක වන මන්නාරම මෙගාවොට් 50 සුළං විදුලිබලාගාර ව්‍යාපෘතියට අවශ්‍ය කරන සුළං ටර්බයින පෙති (Wind Turbine Blades) තොගය කොළඹ වරායට රැගෙන ආ බව වාර්තා වේ. මන්නාරම ප්‍රදේශය පුරා පවතින ප්‍රබල සුළං ධාරිතාව උපරිම වශයෙන් උපයෝගී කරගනිමින්, ජාතික විදුලි පද්ධතියට ඉතා අඩු පිරිවැයකින් විදුලිය එක් කිරීම මෙම සමස්ත ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණයි.
මෙවැනි සුළං බලශක්ති ව්‍යාපෘති හරහා විදුලි ඒකකයක නිෂ්පාදන වියදම විශාල වශයෙන් අවම කරගැනීමට හැකිවන අතර, රටේ ඉන්ධන ආනයන වියදම අඩු කරගැනීමට ද මින් විශාල දායකත්වයක් ලැබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත පුනර්ජනනීය බලශක්ති ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා ද මෙම නව ව්‍යාපෘතිය විශාල පිටුවහලක් වනු ඇත.















